පරමාර්ථයන් සඳහා අවශ්‍යතාවය

ජනතා දේව සභාව සම්බන්ධතාවයන් මත ක්‍රියාත්මක වේ. නමස්කාරය, සහභාගිකම, ගෝලත්වය, සේවය හා ශුභාරංචි සේවය යන අරමුණු ඉටු කිරීමට අපව කැඳවා ඇත. මෙම පරමාර්ථයන් පහම වර්ධනය වන විට, සභාව නිරෝගී සහ සමබර වන අතර, ඒ සඳහා දෙවියන්වහන්සේගේ සැලසුමේ පූර්ණත්වය දක්වා ක්‍රමයෙන් වර්ධනය වීම සිදු වේ.

නමස්කාරය

දෙවියන්වහන්සේව නැමදීමට අපව කැඳවා ඇති බව අපගේ විශ්වාසයයි. අපගේ ආශාව නම් උන්වහන්සේගේ අභිමුඛයේ සිටීමත්, උන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය හා කෘතඥතාව පළ කිරීමත්, ගීතයෙන්, අපගේ දක්ෂතා භාවිතා කිරීමෙන්, වචනවලින්, දීමෙන් හා ක්‍රියාවෙන් උන්වහන්සේව සැමරීමත්ය. නමස්කාරයේ ජීවිතයක් ගත කිරීමට අප තීරණය කල විට දෙවියන්වහන්සේ අපේ ලෝකයේ ගෞරවයට පාත්‍ර වන බව අපි විශ්වාස කරමු. වැඩි විස්තර [email protected] තුලින් දේවගැති නිමේන්ද්‍ර ෙජ්ම්ස් සමඟ සම්බන්ධ වන්න.

සහභාගීත්වය

අපි සම්බන්ධතාවයන් විශ්වාස කරමු. සෑම ඇදහිලිවන්තයෙකුම දෙවියන්වහන්සේගේ පවුලේ සාමාජිකයෙක් වන අතර එය අප සමරන්නාවූ සත්‍යයතාවයකි. සභාවක් වශයෙන් අපගේ වැඩිහිටියන්, තරුණයින් සහ දරුවන්ගේ ජාලයන් හරහා - ඇදහිලිවන්තයා සහ දෙවියන්වහන්සේ අතර, පුද්ගලයන් සහ පවුල අතර - සෞ ඛ්‍ය සම්පන්න සබඳතා ඇති කිරීම,පෝෂණය කිරීම සහ ඒවාට පහසුකම් සැපයීමට ප්‍රමුඛතාවය දෙමු. වැඩි විස්තර සඳහා [email protected] තුලින් දේවගැති මහේස්වරන් සමග සම්බන්ධ වන්න

ගෝලත්වය

සෑම ඇදහිලිවන්තයෙක්ම ආත්මිකව වර්ධනය විය යුතු වේ. ඒ නිසා සෑම ඇදහිලිවන්තයෙකුටම ගෝලයන් වීමටත්, අන් අයව ගෝලයන් කිරීමට බලය ලබා දීමත් අපගේ මෙහෙවර වේ. ගෝලයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන් කීකරුවීම තුලින් උන්වහන්සේට ප්‍රේම කිරීමයි. මෙයින් අදහස් කරන්නේ උන් වහන්සේගේ වචනය තුළින් ඔහුව දැන හඳුනා ගැනීම සහ ඒ අනුව ජීවත් වීමට තෝරා ගැනීමය. මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා අපගේ "ජීවන" පන්තිවලට සහභාගී වීම ඉතා වැදගත් වේ. වැඩි විස්තර උදෙසා [email protected] තුලින් දේවගැති ලකී ඇන්තනී සමඟ සම්බන්ධ වන්න.

සේවය

දෙවිඳුන්ගේ ප්‍රේමය අප තුලින් ක්‍රියාවට නැගිය යුතු බව අපි විශ්වාස කරමු. මෙම ක්‍රියාවලිය ඔවුන්ගේ ප්‍රජාවට ප්‍රබල බලපෑමක් ඇති කරන පරිවර්තනයක් ඇති කරනු ඇතැයි යන විශ්වාසයෙන් සෑම ඇදහිලිවන්තයෙකුටම ඔවුන්ගේ පරමාර්ථය සොයා ගැනීමට ධෛර්යමත් කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම අප ලැබූ වරප්‍රසාදයක් ලෙස අපි සලකමු. සභාවක් වශයෙන්, සේවය කිරීමට සහ ප්‍රජාව පරිවර්තනය කිරීමට දායක වීමට අපි බොහෝ අවස්ථාවන් ලබා දෙන්නෙමු. වැඩි විස්තර උදෙසා [email protected] තුලින් දේවගැති සමන්ත පද්මකුමාර සමන්ත සමග සම්බන්ධ වන්න.

ශුභාරංචි සේවය

දෙවියන්වහන්සේගේ තානාපතිවරුන් වශයෙන්, උන්වහන්සේගේ ශුභාරංචියට සවන් දීමට අවස්ථාවක් නොලැබූ සියලු දෙනාට එය දේශනා කිරීමට අප කැඳවා ඇති බව අපගේ විශ්වාසයයි. ශුභාරංචි සේවය යනු පෞද්ගලිකවත්, සභාවක් ලෙසත්, අපගේ ප්‍රජාවට එසේ ශුභාරංචිය දේශනා කිරීමට අප ගන්නාවූ උත්සාහයයි. එලෙස දෙවියන්වහන්සේගේ යහපත්කම අන් අය වෙත රැගෙන යාම අපගේ පෞද්ගලික කැමැත්ත මත තීරණය වන්නක් නොව, දෙවියන්වහන්සේ අපට දී ඇති ආඥාවක් බව අපි විශ්වාස කරමු. වැඩි විස්තර උදෙසා [email protected] තුලින් රාජා ලෝගනාදන් සමඟ සම්බන්ධ වන්න.